ශ්‍රී ලංකාව හා නෙදර්ලන්ත රාජධානිය අතර ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුමකට අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා 1951 වසරේදී ආරම්භ කර ඇත.
ගුවන් සේවා ගිවිසුමක් ඇති කර ගැනීම මගින් දෙරට අතර ඍජු මගී හා භාණ්ඩ ප්‍රවාහනය සඳහා ගුවන් ගමන් ආරම්භ කිරීමට පහසුකම් සැලසේ.
එමගින් දෙරට අතර සංචාරක, අධ්‍යාපන, වෙළෙඳ, ආයෝජන, කෘෂිකාර්මික සහ සංස්කෘතික සබඳතා තවදුරට ත් වර්ධනය වනු ඇත.
ඒ අනුව, දෙරට අතර පැවති සාකච්ඡාවලදී එකඟ වී ඇති කරුණු මත පදනම්ව මෙම ගිවිසුමට අත්සන් තැබීමට වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.