Home Local News Room : යාල සිද්ධිය ගැන කරන පරීක්ෂණය සම්බන්ධයෙන් ජනපති දුන්න උපදෙස

News Room : යාල සිද්ධිය ගැන කරන පරීක්ෂණය සම්බන්ධයෙන් ජනපති දුන්න උපදෙස

4
0

යාල වනෝද්‍යානයේ ඇතිවූ ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වෙත උපදෙස් දී ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (ඔක්. 26) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

අදාළ පාර්ශවවලට එරෙහිව නීතිය දේශපාලනික බලපෑම්වලින් තොරව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර, එම සිද්ධියට සම්බන්ධ නිලධාරීන් පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය තීරණය කර තිබේ.

යාල වනෝද්‍යානය ආශ්‍රිතව කටයුතු කළ නිලධාරින් රාජකාරිමය වගකීම පැහැර හැරීම හා ඔවුන් එම සිද්ධිය සම්බන්ධව කිසිදු විටෙක ඉහළ නිලධාරීන් දැනුවත් කිරීමට පියවර නොගැනීම සම්බන්ධව විමර්ශන කටයුතු මෙහෙයවීම සඳහා අදාළ කමිටුව පත් කිරීමට තීරණය කර ඇත.

පෙර ලිපියද්විත්ව පුරවැසිභාවය ගැන හොයන්න ක්‍රමයක් රජයට නැති ලු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here