බදු පනවා රටේ ආර්ථිකය හා ජන ජීවිත බංකොලොත් කිරීමට එරෙහි දෙවැනි ජනතා අරගලය ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින්. අරඹන බව එහි කැඳවුම්කරු ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත සමරසිංහ ‘මව්බිම’ට පැවැසීය. ඒ අනුව හෙට (27දා) පස්වරු 3.00ට කොළඹ හයිඩ් පිටියට ජාතික සමිති මධ්‍යස්ථානයේ වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන, විද්වතුන්, බුද්ධිමතුන්, ආචාර්යවරුන් ඇතුළු සමාජ ක්‍රියාකාරිකයින් බොහෝ පිරිසක් කැඳවන බව සමරසිංහ මහතා කීය. රාජ්‍ය,
අර්ධ රාජ්‍ය, වතු සේවකයන්ට වැටුප් වැඩිකරනු, වතු විශ්‍රාමිකයන්ට දීමනාවක් ලබාදෙනු, උපයන විට පනවන ආදායම් බදු නතර කරනු, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආණ්ඩුව කරන මර්දන වළක්වනු, රටේ සම්පත් විකිණීම නවත්වනු ඇතුළු සටන් පාඨ සමඟ මෙම අරගලය සිදුකරන බවත් ජනතාවගේ දෙවැනි නැඟිටීමෙන් හෝ ආණ්ඩුව පාඩමක් උගත යුතු බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසීය.
අනුරාධා හේරත්