හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව පනවා තිබෙන විදේශ ගමන් තහනම නොවැම්බර් මස 24 වන දා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය නියම කර තිබේ.
එමෙන් ම, ඔහු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද කොළඹ අතිරේක මහෙස්ත්රාත් හර්ෂණ කැකුණවල නියෝග කර ඇත.
දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් විසින් ඉදිරිපත් කරනු ලැබ ති පුද්ගලික පැමිණිල්ලක් අද (ඔක්. 26) යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී එම නියෝග නිකුත් කර තිබේ.
ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර ප්රාථමික වෙළෙඳපොළේ විකුණා එමඟින් ශ්රී ලංකා ජනරජයට රුපියල් බිලියන 10.04 සිට 10.06 දක්වා පාඩුවක් සිදුකිරීම ඇතුළු චෝදනා කිහිපයක් ඔහුට එරෙහිව ගොනු කර තිබේ.