අපරාධ නඩු විධාන සංග්‍රහයේ 30 වන පරිච්ඡේදය (මරණ පරීක්ෂණ) සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
මරණ පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් දැනට පවතින නීති, ක්‍රියාපටිපාටි සහ භාවිතයන් පිළිබඳ සුදුසු සංශෝධන හඳුනාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස මහචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇත.
එකී කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය විධිවිධාන සැලසීම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත.
ඒ අනුව, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලැබී තිබේ.