ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව සභාපතිවරයෙකු පත් කර තිබේ.
ඒ අනුව, කීත් ඩී. බර්නාඩ් මහතා වහා ම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් පත් කරනු ලැබ ඇත.
එමෙන් ම ඔහු, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ද පත් කර තිබේ.