මහනුවර, පුපුරැස්ස පොලිස් වසමේ ලෙවලන්වත්ත ප්රදේශයේ මත්පැන් පානය කර සිටි දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරිදිග යාම හේතුවෙන් තියුණු ආයුධ සහ පොලුවලින් පහර දීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තව ත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
මරණකරු වයස අවුරුදු 37ක් වූ ලෙවලන්වත්ත, පුපුරැස්ස ප්රදේශයේ පදිංචිකරුවෙකි.
තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනා ප්රතිකාර සඳහා ගලහ රෝහලට ඇතුළත් කර ඇත.
පොලිසිය සඳහන් කළේ, මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ය.
මෘත ශරීරය ගලහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පුපුරැස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.