Home Local News Room : ත්‍රිරෝද රථ රියැදුරෙකුට අත්වුණු අවාසනාවන්ත ඉරණම

News Room : ත්‍රිරෝද රථ රියැදුරෙකුට අත්වුණු අවාසනාවන්ත ඉරණම

0
0

කොස්ලන්ද, බෙරගල වැල්ලවාය මාර්ගයේ බිබිලහෙළ ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයකින් ඉවතට ඇද වැටීමෙන් එම රථයේ රියැදුරු ජීවිතක්ෂයට පත්ව වී තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, වයස අවුරුදු 56ක් වූ නිකපොත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිසිය සඳහන් කළේ, රියැදුරු සිය බිරිඳ සහ දරුවන් දෙදෙනා සමග ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බව ය.

ත්‍රිරෝද රථයේ ධාවනය කරමින් සිටි අවස්ථාවේදී මිය ගිය පුද්ගලයා පපුව රිදෙන බව තම බිරිඳට ප්‍රකාශ කර ඇති අතර එම අවස්ථාවේදී ඔහු එක වර ම ත්‍රිරෝද රථයෙන් ඉවතට ඇද වැටී ඇත.

පසුව රියැදුරු නොමැතිව ඉදිරියට ධාවනය වූ ත්‍රිරෝද රථය ගසක සහ විදුලි රැහැන් ආධාරක කම්බියක ගැටී නතර වී තිබේ.

ත්‍රිරෝද රථයෙන් ඉවතට ඇද වැටුණු රියැදුරු පසුව වැල්ලවාය රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පැවසීය.

මෘත ශරීරය වැල්ලවාය රෝහලේ තැන්පත් කර ඇති අතර අද (ඔක්. 25) පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත ය.

කොස්ලන්ද පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here