“ශ්‍රේෂ්ඨාධිකරණයත් හරියට පැද්දෙන ඔංචිල්ලාවක් වගේ. 19 වන සංශෝධන පනත් කෙටුම්පතේ විවිධ වෙනස්කම්වලට අවසර දුන් ඔවුන් ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව කිව්වා. එහෙත් දැන් එම ශ්‍රේෂ්ඨාධිකරණය ම පවසන්නේ ජනමත විචාරණයක් අවශ්‍ය බව යි.
පාර්ලිමේන්තුව පමණක් නොව ශ්‍රේෂ්ඨාධිකරණය ද පැද්දෙන ඔංචිල්ලාවක් වගේ තමන්ගේ මතය වෙනස් කරනවා. එයාලටත් ගෙදර යන්න කියන්න,” යැයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් පාර්ලිමේන්තුවේදී පසුගිය දා පැවසීය.
හෙතෙම මෙම අදහස් පළ කළේ 22 වන සංශෝධන පනත සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
එහිදී මන්ත්‍රීවරයා මෙසේ ද කීය.
“පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් බොහෝ සංඛ්‍යාවක් 17 වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඡන්දය ලබාදුන් පිරිසක්. එම පිරිස ම 18 වන ව්‍යවස්ථා සංශෝධනයේදී ද සිය ඡන්දය භාවිත කළා. ඒ අය ම 19 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය භාවිත කළා. ඒ වගේ ම ඔවුන් විසි වන ව්‍යවස්ථා සංශෝධනයට ද ඡන්දය භාවිත කළා. ඒ අය ම විසි දෙවන ව්‍යවස්ථා සංශෝධනයටත් සහය පළ කරනවා.
ඒ අය හරියට ඔරලෝසුවේ බට්ට වගේ එහාට මෙහාට වැනෙනවා. ඒගොල්ල එක්ක තැනක ඉඳන් තව තැනකට වැනෙනවා. 17, 18, 19, 20, 21 යන ව්‍යවස්ථා සංශෝධන හැම එකේදීම ඔයාලා කිව්වේ ඔයාලා වැරැද්දක් කළා. ඒ වැරැද්ද හදාගන්න ඕනේ කියලා මේක මොන විදිහේ පාර්ලිමේන්තුවක් ද? පුදුම වෙන්න දෙයක් නෑ මේ ගැන.
අද මේ විසි දෙවන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් වෙන්නේ මේ රටේ ජනතාව නිසා ඔවුන්ට අවශ්‍ය වුණ ක්රමයේ වෙනසක්, ඔවුන්ට අවශ්‍ය වුණේ නෑ පවතින ව්‍යවස්ථාවට පැලැස්තර ඇලවීමට. 17 වන සංශෝධන හින්දා සිද්ධ වුණේ පැලැස්තර ඇලවීමක්. ඒත් මේ පනත ව්‍යවස්ථාව ගැන හිතන්නෙවත් නෑ. එය සම්මත වුවත් සියලු බලතල එය සතුයි. මේක ඇත්තට ම වංචාවක්. 1994 ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති ක්‍රමය මාස හයකින් අහෝසි කළ යුතු බව කිව්වත් තවමත් ඒ මාස 6 ඇවිත් නෑ.
හැම ජනාධිපතිවරණයකදී ම එයට තරග කරන අපේක්ෂකයන් ජනතාව හමුවේ කියන්නේ මම විධායක ජනාධිපති බලතල අහෝසි කරනවා කියලා. මෙය පළමු පියවර බව පවසමින් ඔවුන් ජනතාව මුළාවේ දමනවා. මෙම පනත මගින් විධායක ජනාධිපති ධූරයේ බලතල කිසිවක් ඉවත් කරගෙන නෑ. මේ පනත සම්මත කර ගැනීමෙන් විධායක බලතල කප්පාදු කරනවා කියලා කියන එක ලොකු බොරුවක්.
ශ්‍රේෂ්ඨාධිකරණයත් හරියට පැද්දෙන ඔංචිල්ලාවක් වගේ. 19 වන සංශෝධන පනත් කෙටුම්පතේ ඔවුන් විවිධ වෙනස්කම්වලට අවසර දී ඇති අතර මේ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව කිව්වා. ඒත් දැන් එම ශ්‍රේෂ්ඨාධිකරණය පවසන්නේ ජනමත විචාරණයක් අවශ්‍ය බවයි. පාර්ලිමේන්තුව පමණක් නොව ශ්‍රේෂ්ඨාධිකරණය ද පැද්දෙන ඔංචිල්ලාවක් වගේ තමන්ගේ මතය වෙනස් කරනවා. එයාලටත් ගෙදර යන්න කියන්න. ඔවුන්ට කියවා තේරුම් ගන්න බෑ. 19 වන සංශෝධනයේ ස්වකීය අධිෂ්ඨානයක් තියෙනවා.
රටේ සැබෑවට ම තියෙන තත්ත්වය නෙවෙයි ඔවුන් පෙන්වන්නේ. එය සැබැවින් ම හානිදායක විය හැකියි. මොක ද මිනිසුන්ට මේ පිළිබඳව තියෙන විශ්වාසය නැතිවෙලා. ඔවුන් දැන ගත්තොත් පාර්ලිමේන්තුවත් අප නොමග යැව්වා කියලා. ඔවුන් ඉල්ලා සිටින සමාජ ප්‍රතිසංස්කරණයන් සිදු නොවන බව ඔවුන්ට හැඟී ගියොත් ඔවුන් අන්තිමට පාරට බහින එක නියතයි.”