Home Local News Room : ලස්සන කෙස් කලඹක හීනය සැබෑ කරගන්න නම්

News Room : ලස්සන කෙස් කලඹක හීනය සැබෑ කරගන්න නම්

0
0

නිරෝගී නිල්වන් කෙස් කලඹකට කවුද අකැමැති? නමුත් බොහෝ තරුණියන් සමට දක්වන සැලකිල්ල තරම් සැලකිල්ලක් හිසකෙස්වලට දක්වන්නේ නැහැ. සම පැහැපත් වීමට නොයෙකුත් සත්කාර සිදු කළද හිසකෙස් පිළිබඳ අවධානය යොමු කරන්නේ අල්ප වශයෙනි.

සම වගේම හිසකෙස් කියන්නෙත් පංච කල්‍යාණයන්ගෙන් එක් අංගයක්නේ. ඒ වගේම තරුණියකගේ රූමත්කමට බලපාන වැදගත් සාධකයක් තමයි හිසකෙස් කියන්නේ. ඉතින් අපි දැන් බලමු නිරෝගී, නිල්වන්, දිගු කෙස් කලඹක් ලබා ගන්න කරන්න ඕනි මොනවද කියලා.

සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගන්න

ෆෝලික්, කැල්සියම්, ප්‍රෝටීන් සහ අත්‍යවශ්‍ය ඔමේගා මේද අම්ලවලින් පොහොසත් ආහාර වේලක් ලබා ගැනීම ඔබේ කෙස්කලඹේ පෝෂණයට වැදගත් වේ.

හිසකෙස් පෝෂණය කිරීම

පොල්තෙල් සහ එඬරුතෙල් එකට මිශ්‍ර කරන්න. ඉන් පසුව එම මිශ්‍රණය රත්කර හිසෙහි ගල්වා උණුසුම් තෙල් සත්කාරයක් සිදු කිරීමෙන් නිරෝගී කෙස් කලඹක් ලබාගත හැකිය.

අලිපේර – බිත්තර මාස්ක් එක

අලිපේරවලින් පේස්ට් සාදා එයට බිත්තරයක් හොඳින් මිශ්‍රකර හිසකෙස්වල ආලේප කරන්න. මඳ වේලාවකට පසුව සෝදා හරින්න. සතියකට වරක් මෙම සත්කාරය සිදු කිරීමෙන් හිසකෙස්වලට පෝෂණයත් සහ දීප්තියත් ලැබේ.

හිස්කබල සම්බාහනය කරන්න

හිස්කබලට තෙල් යොදා සම්බාහනය කරන්න. ඒ සඳහා සුදුසු මෙවලමක් හෝ ඇඟිලි තුඩු ආධාරයෙන් හිස හොඳින් සම්බාහනය කරන්න. පෝෂ්‍යදායි කෙස් කලඹක් ලබා ගැනීමට මෙය හොඳ සත්කාරයකි.

හොඳින් ජලය පානය කරන්න

ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීමෙන් හිසකෙස්වල වියළි බව නැති කරගත හැකි අතර හිසකෙස් නිරෝගී වේ.

චමෝදි පෙරේරා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here