Home Local News Room : මොකක් ද මේ අලුත් තෙල් පනත?

News Room : මොකක් ද මේ අලුත් තෙල් පනත?

2
0

2022 අංක 27 දරන ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත ලෙස පසුගිය දා (21දා) සිට බලාත්මක වූ මෙම නව පනත හරහා ඉන්ධන ආනයනය, සැපයුම සහ බෙදා හැරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ ලංකා ඉන්දියානු තෙල් සමාගමට අමතරව අනෙකුත් පාර්ශව සඳහා ප්‍රතිපාදන සලසා දීම සිදුව ඇත.

මෙපමණ කාලයක් පුරා මෙරටට ඉන්ධන ගෙන්වීම හා බෙදා හැරීම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියානු තෙල් සමාගම විසින් සිදු කරන ලද අතර මෙම නව සංශෝධන පනත හරහා ඉන්ධන ගෙන්වීම සහ රට තුළ ඉන්ධන බෙදා හැරීමට අනෙකුත් ජාත්‍යන්තර ඉන්ධන සමාගම්වලට ද අවස්ථාව සැලසේ.

ඒ අනුව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන ගෙන්වීමේ හා බෙදා හැරීමේ ඒකාධිකාරය තවදුරටත් ලිහිල් විය.

මෙරට ඉන්ධන අර්බුදයට විසඳුම් ලෙස මෙම නව සංශෝධිත පනත ගෙන ආ අතර මෙරටට ඉන්ධන ගෙන්වීමේ හා බෙදා හැරීම සිදු කෙරෙන අනෙකුත් සමාගම් සුවිශේෂී කමිටුවක් විසින් තොරනු ලැබේ.

ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් තීරණ අනුව සංශෝධන සහිතව විදුලි බල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමි විය.

මේ සඳහා අනුමැතිය හිමි වූයේ විදුලි බල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 4 වන දා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

පෙර ලිපියCartoon : 24-10-2022

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here