Home Local News Room : ඔස්ට්‍රේලියාවට පනින්න හැදූ 43 දෙනෙක් උණවටුනේදී අත්අඩංගුවට

News Room : ඔස්ට්‍රේලියාවට පනින්න හැදූ 43 දෙනෙක් උණවටුනේදී අත්අඩංගුවට

3
0

නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට යාම සඳහා ගාල්ල, උණවටුන ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටි 43 දෙනෙකු අද (ඔක්. 23) අලුයම නාවික හමුදාවේ ද සහය ඇතිව අත්අඩංගුවට ගත් බව හබරාදූව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් 43 දෙනා යාපනය දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෝ වෙති.

එම පිරිස අතර පිරිමි පුද්ගලයින් 33 දෙනෙකු, කාන්තාවන්වන් 7 දෙනෙකු සහ දරුවන් තිදෙනෙක් සිටිති.

ඔවුන් පුල්මුඩේ ප්‍රදේශයෙන් ඔස්ට්‍රේලියාවට යාමේ බලාපොරොත්තුවෙන් මාසයක පමණ කාලයක් විවිධ ස්ථානවල නතර වී සිට පසුව දින පහක සංචාරයක් යාමට බව පවසා ඊයේ (ඔක්. 22) වවුයාවෙන් බස් රථයක් රැගෙන ගාල්ල, උණවටුන ප්‍රදේශයට පැමිණ හෝටලයක නතර වී සිටියදී මෙසේ අත් අඩංගුවට පත් වී ඇත.

අත්අඩංගුවට ගත් පිරිස අද (ඔක්. 23) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

  • ෆර්හාන් නිසාම්දින් – ගාල්ල, එස්. දීයගහගේ – අහංගම
පෙර ලිපිය“22 සම්මත වීම රජයට අභියෝගයක්” – තිස්ස අත්තනායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here