Home Local News Room : පාසල්වල වතුර කපන්නේ නෑ – මව්බිම

News Room : පාසල්වල වතුර කපන්නේ නෑ – මව්බිම

3
0


ජල බිල්පත් ගෙවා නොමැති පාසල්වල ජල සැපයුම අත්හිටුවීමට ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ගෙන ඇති තීරණය නතර කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවැසීය.

අදාළ ජල බිල්පත් ගෙවීමට හැකිවන අයුරේ වැඩපිළිවෙළක් සකසන තෙක් කිසිදු පාසලක ජල සැපයුම විසන්ධි නොකරන්නැයි අධ්‍යාපන ඇමැතිවරයා ජලසම්පාදන මණ්ඩලයෙන් කළ ඉල්ලීමක් අනුව මෙම තීරණය ගෙන ඇත.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත හා ජලසම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක්ද මේ සම්බන්ධයෙන් පවත්වා ඇත.

ජල බිල්පත් ගෙවීම සිදුකර නොමැති පාසල්වල ජල සැපයුම අත්හිටුවීමට ගෙන ඇති තීරණය නතර කිරීමට ඒ අනුව ජලසම්පාදන මණ්ඩලය පියවර ගෙන තිබේ.

සවනි ශේශාධි

පෙර ලිපියගෝඨාභයගේ ඉටුකම රනිල් වසා දමයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here