මාස කිහිපයක් තිස්සේ පිළිසරණක් නොමැතිව ඉතාම අපිරිසුදු ලෙස කළුබෝවිල රෝහල අසල පදික වේදිකාවේ ලැගුම්ගෙන සිටි වයෝවෘද්ධ පුද්ගලයන් තිදෙනකු කොහුවල නව පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. ජනක විතානගේ ගේ උපදෙස් හා මැදිහත්වීමෙන් පිරිසුදු කොට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරිණි.
කොළඹ හා අවට පදිංචිකරුවන් බව කියන අවුරුදු හැත්තෑවත්, අසූවත් අතර වයසේ පසුවන එම පුද්ගලයන් තිදෙනා තුවාල සහ වෙනත් රෝගාබාධයන්ගෙන්
පෙළෙමින් සිට ඇත.
මේ පිළිබඳ අවධානය යොමු කළ කොහුවල පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. ජනක විතානගේ පොලිස් නිලධාරීන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව එම වයෝවෘද්ධ පුද්ගලයන් තිදෙනාගේ කොණ්ඩ හා රැවුල් කප්පවා, නහවා පිරිසුදු කොට අලුත් ඇඳුම් අන්දවා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකොට ඇත.
ඉදිරියේදී එම පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු කොට ගෙන භාරකරුවන් ඇත්නම් ඔවුන් වෙත යොමු කිරීමට කටයුතු කරන බව ප්‍ර.පො.ප. ජනක විතානගේ පැවැසීය.
වාද්දුව – ජනක හෙට්ටිආරච්චි