
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි.
අද (ඔක්. 18) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදිනියක නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ ය.
ඔහු කියා සිටියේ, මේ සම්බන්ධයෙන් වන විවාදය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති බව ය.
“කැබිනට් මණ්ඩලය විසින් කලින් තීරණය කරලා තියෙනවා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පක්ෂව ඡන්දය පාවිච්චි කරන්න. කැබිනට් අනුමැතියෙන් තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා කැබිනට් ඇමතිවරු වශයෙන් ඒ පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරනවා. ඒක පාර්ලිමේන්තුවේදී හෙට අනිද්දා තීරණය වෙයි අණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙලෙසින් ද සිද්ධ වෙයි කියලා.”