Home Local රාජ්‍ය ණය සීමාව ගැන කැබිනට් මණ්ඩලය ගත් තීරණය News Room

රාජ්‍ය ණය සීමාව ගැන කැබිනට් මණ්ඩලය ගත් තීරණය News Room

0
0


රාජ්‍ය ණය සීමාව තව ත් රුපියල් බිලියන 663කින් ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි.

කැබිනට් ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ, අද (ඔක්. 18) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය.

රාජ්‍ය මුල්‍ය කළමනාකරණය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් 2022 වසර සඳහා ආණ්ඩුවට ණය ගැනීමට හැකි උපරිම ප්‍රමාණය රුපියල් බිලියන 3844ක් බවට පාර්ලිමේන්තුව අනුමත කර ඇති බව ගුණවර්ධන මහතා පැවසීය.

“බිලියන 3844ට වඩා 2022 වසරේ අපට ණය ගන්න බැහැ. කොතරම් ඉල්ලා සිටිය ත් අපට වෙන දෙන්න ක්‍රමයකුත් නැහැ. ඒ නිසා ජනාධිපතිතුමා මුදල් අමාත්‍යතුමා වශයෙන් ඉදිරිපත් කළා ඊයේ සංදේශයක් තවත් බිලියන 666ක් ඉහළ නංවන්න. බිලියන 663කින් රාජ්‍ය ණය ගැනීමේ සීමාව ඉහළ නංවන්න කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඊයේ ම සම්මත වූවා සේ සලකන්න කියලා මේ කැබිනට් පත්‍රිරකාවට අනුමැතිය ලබා ගත්තා.”

පෙර ලිපියකැබිනට් අනුකමිටු දෙකක් පත් කෙරේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here