පැරසිටමෝල් පෙත්තක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මිලිග්‍රෑම් 500යේ පැරසිටමෝල් පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් 2.3.යි
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් පසුගිය පෙබරවාරි මස 28 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවා.
මෙම ගැසට් නිවේදනය පැරසිටමෝල් ඖෂධීය නාමයේ සියලු වෙළෙඳ නාමයන් සඳහා අදාළ වනු ඇති.
ඒ අනුව විකිණීමේ කාර්යය සඳහා පැරසිටමෝල් ළඟ තබාගෙන සිටින නිෂ්පාදකයෙකු, වෙළෙන්ඳෙකු, ඖෂධවේදියෙකු, වෛද්‍යවරයෙකු, ඔසුසැලක් හෝ තැනැත්තෙකු විසින් මිලිග්‍රෑම් 500 පෙත්තක් මෙම උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අලෙවි කිරීම තහනම්.