සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව හෙට (04) උදෑසන 8 සිට දින 10කට එම වර්ජනය අත්හිටුවනු ලබනවා.
රජය විසින් එකඟ වු ඉල්ලිම් ලබානොදීම ඇතුළු ඉල්ලීම් 4ක් මුල් කරගනිමින් වෘත්තීය සමිති 17ක් ඊයේ (02) මෙම වර්ජනය ආරම්භ කළා.
සෞඛ්‍ය ලේකම්වරයා ඊයේ (02) රාත්‍රියේ හදිසි සාකච්චාවක් කැඳවා දැක්වූ ප්‍රතිචාර සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ විශේෂ විධායක සභාව පෙන්වා දෙන්නේ.
මෙලෙස වර්ජන ක්‍රියාමාර්ගය දින 10කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත්තේ, විදුලිය හා තෙල් අර්බුදය හේතුවෙන් ජනතාව පත්වී ඇති පීඩාවද සැලකිල්ලට ගනිමින්.
“සංකේත වැඩවර්ජන සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සහ ප්‍රතිචාර දැක්වීමේ වැඩපිළිවෙල පිළිබඳව අපි වැඩි අවධානයක් යොමු කළා.
“සෞඛ්‍ය අමාත්‍යාංශය සංකේත වැඩවර්ජනවලට උත්තර දෙන්නේ නෑ. ඒකට හේතුවක් තියෙනවා.”
“සෞඛ්‍ය සේවාවන් වර්ජනය කළාම ඒ කාලය තුළ සෞඛ්‍ය සේවාවන් පෞද්ගලික අංශය වෙත යොමු කරනවා. රසායනාගාර පරීක්ෂණ, එක්ස් රේ පරීක්ෂණ, විවිධ වෛද්‍ය සේවාවන්. පෞද්ගලික අංශය මේවා ටෙන්ඩර් මගින් ලබාගන්නවා.”
“මේ හරහා රෝහල් මට්ටමින් සහ අමාත්‍යාංශ මට්ටමින් විශාල කොමිස් මුදල් එහාට මෙහාට යනවා. අපි ජනාධිපතිවරයාට කියන්නේ මේ ගැනත් විමර්ශනයක් කරන්න.”
“අපේ මූලික නිරීක්ෂණය තමයි.. ඔවුන් කැමතියි අපි සංකේත ක්‍රියාමාර්ග දිගින් දිගටම ගන්නවාට.”