17
සනත් නිශාන්ත මහතාගේ අභාවප්රාප්ත දේහය වෙනුවෙන් කනගාටුව ප්රකාශ කිරීමට පැමිණි ජනගඟ දෙස පැයක් පමණ බලා සිටියේ නම් ඒ දේශපාලන චරිතයෙන් සෙසු දේශපාලනඥයන්ට ආදර්ශයක් ගැනීමට තිබුණේ යැයි එක්සත් ජාතික පක්ෂයේ පත් කළ මන්ත්රි වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) පැවැසීය.
අභාවප්රාප්ත සනත් නිශාන්ත මහතා වෙනුවෙන් පැවැති ශෝක යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් මන්ත්රීවරයා මේ බව කියා සිටියේය.
මන්ත්රීවරයා මෙසේ ද පැවැසුවේය.
පක්ෂ – විපක්ෂ දේශපාලකයන් සියලුදෙනාගේ ජීවිත සකස් වී තිබෙන්නේ උදේ සිට රාත්රිය දක්වා හමුවන මහජනතාවගේ දුක්කම්කටොලුවලට විසඳුම් ලබාදීමට. උදේ සිට රාත්රි වෙනකන් මේ ප්රශ්නවලට ඇහුම්කන් දුන්නාම භෞතිකවම අපේ ශරීරය සකස් වෙන්නේ ඒ දුක්කම්කටොලු වෙනුවෙන් පෙනී සිටීමට. එය තමයි ස්වභාවය. අරගල අවස්ථාවේ එතුමා මට කීවා, එතකොට රනිල් මහතාගේ නම ජනාධිපතිවරයා ලෙස යෝජනා කර තිබුණෙත් නැහැ. ඒත් එතුමා රනිල් වික්රමසිංහ මහතාගේ නම සෙසු අයටත් යෝජනා කර ජනාධිපතිවරයා බවට පත් කිරීමට කටයුතු කළ බව මතක් කළ යුතුයි. සනත් නිශාන්ත මහතාගේ අභාවය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේත් මගේත් ශෝකය ප්රකාශ කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.”







