Home Politics News Room : ගෝල්ෆේස් අරගල භූමිය කිසිඳු ආයෝජකයකුට ලබාදී නෑ

News Room : ගෝල්ෆේස් අරගල භූමිය කිසිඳු ආයෝජකයකුට ලබාදී නෑ

1
0

ගෝල්ෆේස් අරගල භූමිය කිසිඳු ආයෝජකයෙකුට ලබා දී නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ,නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (22) ප්‍රකාශ කළේය.

ගෝල්ෆේස් අරගල භූමිය කැසිනෝ ව්‍යාපාරයකට බදු දීමට සූදානම් වන බවට ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඉකුත් 20දා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සාවද්‍ය පදනම් විරහිත හා ජනතාව නොමග යවන ප්‍රකශයක් බව ද අමාත්‍යවරයා පැවැසීය.

රටට ආයෝජකයින් ගෙන ඒමට රජය කටයුතු කරද්දී ජනතාව තුළ වැරදි මත පතුරවමින් එය කඩාකප්පල් කිරීමට විපක්ෂය දරන උත්සාහය පිළිකුළෙන් හෙළා දකින බව ද ඇමැතිවරයා පැවැසීය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කරමිනි.

“විජිත හේරත් මන්ත්‍රීතුමා සඳහන් කළ ගෝල්ෆේස් අසල ඇති අරගල භූමිය පැවැති ඉඩම කිසිඳු ආයෝජකයෙකුට ලබා දී නෑ. කොළඹ 03 බාලදක්ෂ මාවතේ ඇති අක්කර 01ක ඉඩමට සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා බාලි ඉන්වෙස්ට්මන්ට් පෞද්ගලික සමාගම ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව අධිකාරිය විදේශීය ආයෝජකයන්ට ව්‍යාපෘති සඳහා අධිකාරියේ ඉඩම් සෘජුව ලබාදීමේ ක්‍රමවේදයට අනුව ඔවුන්ගෙන් තොරතුරු ලබා ගෙන 2024.02.16 වැනි දින අවබෝධතා ගිවිසුම අත්සන් කළා. අදාළ ආයෝජකයා විසින් පෙරසැරි ගාස්තු ලෙස ඩොලර් දස දහසකට සමාන මුදලක් රුපියල්වලින් නාගරික සංවර්ධන අධිකාරියේ තැන්පත් කර තිබෙනවා. ඒ අනුව අදාළ ඉඩම සඳහා රජයේ තක්සේරු වාර්තාව ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා. ඔබතුමාගෙන් විජිත හේරත් මන්ත්‍රිතුමාට දැනුම් දෙන්න කැමැතියි මෙතැන දී අපි කිසිඳු වැරදි දෙයක් කරලා නෑ. මෙම ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ මිශ්‍ර ආයෝජනයක් සඳහා. අදාළ යෝජනාව තවමත් අනුමත වෙලා නෑ. මේ සභාවට ඉතාම වගකීමෙන් කියන්න කැමැතියි රජයේ නීති රීතිවලට පිටින් අපි කිසිඳු ඉඩමක් විදේශ අයෝජකයෙකුට ලබා දීමට හෝ එවැනි ආයෝජනයන්ට අනුමැතිය ලබා දීමට හෝ කටයුතු කරන්නේ නෑ” යැයි ද කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here