Home Sport News Room : පිටියේ විනිසුරු මමයි: අවසාන තීරණය මගේ

News Room : පිටියේ විනිසුරු මමයි: අවසාන තීරණය මගේ

2
0

ඇෆ්ගනිස්තානය හා ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති අවසන් විස්සයි 20 තරගයේ විනිසුරු ලින්ඩන් හැනිබල් මහතා සමාජ මාධ්‍යජාලා හරහා අදහස් පළ කර ඇත. අවසන් ඕවරයේ ‘ෆුල්ටොස් පන්දුව’ පිළිබඳ ඔහු යමක් පවසා නැති වුවද විනිසුරුගේ තීරණය අවසන් තීරණය බව සඳහන් කොට තිබේ.

“මම තමයි පිටියේ විනිසුරු. අවසාන තීරණය මගේ. මිනිසුන් මොනවා කිව්වත් ඒ දේ ගැන මගේ තැකීමක් නෑ” යනුවෙන් ඔහු ෆේස් බුක් සටහනක් තබා ඇත. විනිසුරු ලින්ඩන් හැනිබල් මහතා 2018 සිට මේ දක්වා අයිසීසී විනිසුරුවරයකු ලෙස විශාල අත්දැකීම් ලැබූ අයෙකි.

ප්‍රින්ස් ගුණසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here