Home Sport News Room : අවසන් T20 තරඟ ජය ඇෆ්ගනිස්ථානයට

News Room : අවසන් T20 තරඟ ජය ඇෆ්ගනිස්ථානයට

1
0

ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවති T20 අවසන් තරගය ලකුණු 3 කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථානය කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සමත් විය

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 209ක් රැස් කළහ.

Rahmanullah Gurbaz ලකුණු 70ක් සහ Hazratullah Zazai ලකුණු 45ක් ලබා ගත්හ.

කඩුලු දවා ගැනීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මතීෂ පතිරණ කඩුලු 2ක් සහ අකිල ධනංජය කඩුලු 2ක් දවා ගැනීමට සමත්විය

ලකුණු 210ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී රැස් කළේ ලකුණු 206ක් පමණයි.

පැතුම් නිශ්ශංක නොදැවී ලකුණු 60ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 65ක් ලබා ගත්හ

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here