Home Sport News Room : ආසියානු කාන්තා ප්‍රිමියර් කුසලානය එමිරේට්ස් පිලට

News Room : ආසියානු කාන්තා ප්‍රිමියර් කුසලානය එමිරේට්ස් පිලට

1
0

අවසන් තරගයේ තීරක – විනිසුරු ශ්‍රී ලංකාවෙන්

රටවල් 16ක සහභාගිත්වයෙන් මැලේසියාවේ පැවති ආසියානු ක්‍රිකට් කවුන්සිල විස්සයි20 තරගාවලියේ අවසන් මහා තරගයෙන් සත්කාරක මැලේසියාව ලකුණු 37කින් පරාජය කළ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රීඩිකාවෝ කුසලානය දිනා ගැනීමට සමත් වූහ. ඒ සමඟම මේ වසරේ සැප්තැම්බරයේ පැවැත්වීමට නියමිත විස්සයි20 ආසියානු කාන්තා කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමට ද එමිරේට්ස් පිල සමත් විය. අවසන් මහා තරගයට එක් වූ මැලේසියාව ද එම තරගාවලියට සුදුසුකම් ලබා ගත්තේය.ශ්‍රී ලාංකික යොවුන් ක්‍රීඩිකා කවීෂා එගොඩගේ සහ නායිකා ඊෂා ඔසා එමිරේට්ස් පිල වෙනුවෙන් තරගාවලිය පුරා කැපී පෙනෙන දස්කම් පෑමට සමත් වූ අතර, දෙදෙනාම පන්දු යැවීමෙන් ද සිය දස්කම් විදහා දැක්වූහ.

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ට ක්‍රීඩිකාවක හා නායිකාවක වන වැනේසා ද සිල්වා ආසියානු කාන්තා ප්‍රිමියර් කුසලාන තරගාවලියේ අවසන් තරගයේ තීරකවරිය ලෙස කටයුතු කළ අතර, ශ්‍රී ලංකා කාන්තා පිලේ හිටපු ක්‍රිඩිකාවක වන නිමාලි පෙරේරා එහි විනිසුරුවරියක ලෙස කටයුතු කළාය.

ෆවුස් මොහොමඩ්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here