Home Politics News Room : වෙදකම රකින්න කඩිමුඩි පනත්වලින් බෑ

News Room : වෙදකම රකින්න කඩිමුඩි පනත්වලින් බෑ

7
0

අලුත් ආයුර්වේද සංශෝධන පනතක් ආණ්ඩුව ගෙන එන්නට යන බවත් මෙය රටේ පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය සහමුලින් විනාශ කිරීමේ ප්‍රයත්නයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. කඩිමුඩියේ ගෙනෙන පනත්වලින් පලක් නැති බවත්, දේශීය මෙන්ම පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍ර දෙකම රැකගත යුතු බවත් හෙතෙම කීවේය.

ආයුර්වේද සහ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ ගැටලු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට ඊයේ (03) පෙරවරුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පාරම්පරික දේශීය වෛද්‍යවරුන් පිරිසක් හමු වූ අවස්ථාවේදී විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයට නීති රාමුවක් අවශ්‍ය බව තමන් පිළිගන්නා නමුත්, ඒ නීති රාමුව සකස් කළ යුත්තේ ආයුර්වේද වෛද්‍ය සහ පාරම්පරික වෛද්‍ය අනු ක්ෂේත්‍ර දෙකටම ගැළපෙන පරිදි බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

මෙවැනි පනත් කඩිමුඩියේ ගෙන එනවාට වඩා කළ යුත්තේ සෞඛ්‍ය අමාත්‍යවරයා සහ දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ඇතුළු පාර්ශ්ව එක්ව මේ පිළිබඳව විධිමත් සාකච්ඡාවක් පැවැත්වීම සහ නිසියාකාරව තත්ත්වය තේරුම් ගැනීම බව පැවසූ විපක්ෂ නායකවරයා, දැනට ඉදිරිපත් කරන්නට සූදානම්ව තිබෙන පනත ද ඒ පාර්ශ්වයන් වහාම කියවා අවබෝධ කරගත යුතු යැයි ද පැවසීය.

 

රක්ෂණ ශ්‍රියන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here