විදේශ ගතවීමට පැමිණි අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ට කටුනායක ගුවන්තොටුපොළේදී මුහුණදීමට සිදු වූ අපහසුතාව සම්බන්ධයෙන් උන්වහන්සේගෙන් සමාව අයැද සිටින බව වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කෙළේය.
ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් ඇති වූ අදහස් දැක්වීම්වලට පිළිතුරු ලබා දෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේ ද පැවසීය.
කටුනායක ගුවන්තොටුපොළේදී උන්වහන්සේට විඳීමට සිදු වූ අපහසුතාව සම්බන්ධයෙන් තමන් කනගාටුවට පත් වෙනවා. විෂය භාර ඇමැතිවරයා ලෙස උන්වහන්සේගෙන් සමාව අයැද සිටිනවා.
තමන් යටතේ පවතින ආයතනයකින් යම් වැරැද්දක් සිදුවී ඇත්නම් එය පිළිගෙන ඉදිරියේදී එවැනි සිදුවීම් ඇති නොවීමට වගබලා ගන්නවා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කළා.





