Home Politics News Room : ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගන්නා විට රාජ්‍ය සේවයේ සිටින...

News Room : ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගන්නා විට රාජ්‍ය සේවයේ සිටින ප්‍රාථමික සේවා උපාධිධාරීන්ද යොදවා ගන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

2
0

ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ දී රාජ්‍ය සේවයේ සිටිනා ප්‍රාථමික සේවා උපාධිධාරීන් ද යොදවා ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06) ඉල්ලා සිටියේය.

එම පිරිසට සිදු වී ඇති දැඩි අසාධාරණය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරමින් එසේ පැවසීය.

තවදුරටත් විපක්ෂ නායකවරයා මෙසේ ද පැවසීය.

කම්කරු, මුරකරු, කාර්යාල කාර්ය සහායක, සෞඛ්‍ය කාර්ය සහායක වැනි අංශවල සේවයේ යෙදෙන පිරිස් අතර උපාධිය හිමි තුන්සිය පනහකට වැඩි පිරිසක් ඉන්නවා.

ඒ අනුව මේ වසරේ ගුරු සේවය සඳහා උපාධිධාරීන් 8000ක් බඳවා ගන්නා බවට පුවත්පත් වාර්තා පළ වුවත් ඒ සඳහා රාජ්‍ය සේවයේ ප්‍රාථමික සේවා තනතුරුවල සේවය කරන අයට අවස්ථාවට අහිමි වෙනවා. මෙම පත්වීම් ලබා දෙන්නේ 2019/ 20 වසරවල බඳවා ගත් අභ්‍යාසලාභී උපාධිධාරින් ලෙස බඳවා ගත් සංවර්ධන නිලධාරීන්ට.

මෙම ප්‍රාථමික සේවාවල නිරතව සිටින පුද්ගලයන්ට බාහිර උපාධි සහ අභ්‍යන්තර උපාධි පවතින නමුත් ඔවුන් සිටිනා ශ්‍රේණිය අනුව ඔවුන්ට උසස්වීම් ලබා ගත නොහැකියි. මෙය දැඩි මානුෂීය ගැටලුවක් හෙයින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා. එසේම එකම විශ්වවිද්‍යාලයේ එකම වසරේ එකම පීඨයේ එකටම උපාධි ගත් අය පවා ඉහළ සහ පහළ තනතුරුවල මේ ආකාරයෙන් සිටීම දැඩි මානුෂීය ගැටලුවක්. ඊට අමතරව මේ වන විට ඇතිව තිබෙන ගුරු හිඟය පියවීමට මෙම ප්‍රාථමික සේවා තනතුරුවල සිටින උපාධිධාරීන් ද යොදා ගත හැකියි. එය වඩාත් යෝග්‍යයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here