ආණ්ඩුව තුළ තිබෙන ව්‍යාකූල තත්ත්වය මන්ත්‍රීවරුන්ගේ ඇතැම් කතාවලින්ම පිළිබිඹු වන බව ජාතික ජන බලවේගයේ පත්කළ මන්ත්‍රිනී හරිණි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (06) පැවැසූවාය.
සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේ දී අදහස් දක්වමින් මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළාය.
තවදුරටත් මන්ත්‍රීවරිය මෙසේ පැවසීය.
බුදු දහම වෙනුවෙන් පෙනී සිටින අය බුද්ධ දර්ශනයේ තිබෙන මූලික පස්පව් ටික නොකර සිටිය යුතුයි.
එය ආරක්ෂා කර ගන්න බැරි පිරිස් එහි මූලික හරය නොදන්නා අය බුද්ධ ධර්මය වෙනුවෙන් පෙනී සිටීම විහිළුසහගතයි.





