Home Politics News Room : රට යළි යථා තත්ත්වයට පත්වෙමින් තිබියදී එය දරා ගන්න...

News Room : රට යළි යථා තත්ත්වයට පත්වෙමින් තිබියදී එය දරා ගන්න බැරි පිරිසක් ඉන්නවා – මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන

3
0

මා වරාය ඇමැතිවරයා ලෙස රාජකාරි ආරම්භ කරද්දි කොළඹ වරාය ජාත්‍යන්තර වරායන් අතර 25 වැනි තැන තිබුණ බවත් එහෙත් මේ වසර අවසන් වන විට එය 13 වැනි තැනට පත්ව ඇති බවත් කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06) පැවැසීය.

සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේ දී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කෙළේය.

තවදුරටත් මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

කොළඹ වරාය ජාත්‍යන්තරය තුළ ඉහළට ගෙන ඒම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත්, විෂය භාර ඇමැතිවරයකු ලෙස කටයුතු කළ ලලිත් ඇතුලත්මුදලි මහතාත් මා ගෞරවයෙන් මතක් කර සිටිනවා.

රට යළි යථා තත්ත්වයට පත් වෙමින් තිබිය දී එය දරා ගන්න බැරි පිරිසක් නැවත වතාවක් පාරට බැසීමට සූදානම් වෙමින් සිටිනවා. එවැනි අයට අවශ්‍ය වතුර බේරවැවේ තිබෙනවා.

පළාත් සභා ඡන්දය තිබිය යුතුයි. නැතිනම් නම් 13 ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙනවිත් පළාත් සභා අහෝසි කර දැමිය යුතුයි.

එහෙත් මැතිවරණයක් තියන්නේ 2024 වසරේදී. නමුත් ජනාධිපතිවරයාට හෙට වුණත් ජනාධිපති මැතිවරණයක් පැවැත්විය හැකියි. මා සිංහල, බෞද්ධයෙක් බව නිර්භයව කියනවා. එහෙත් කිසිම ජාතියකට, ආගමකට කිසිදු වචනයකින් හෝ හිංසාවක් නොවන අයුරින් කටයුතු කරනවා.

ආගම් හා ජාතීන් අතර භේද ඇති කිරීමට කවුරුන් හෝ කටයුතු කරන්නේ නම් එම පුද්ගලයාට ගෝල්ෆේස් එකේ උලක් සවිකර සිංහල රජ කාලයේ දඬුවම් ලබා දිය යුතුයි.

පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් 134කගේ ඡන්දයෙන් ජනාධිපතිවරයා ධුරයට පත් කර ඉල්ලන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම, කැලෑ නීතිය ඉවත් කිරීම සහ රටේ ආර්ථික තත්ත්වය ශක්තිමත් කිරීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here