Home Politics News Room : සජබ 17ක් එජාපයට එන්න සූදානම්

News Room : සජබ 17ක් එජාපයට එන්න සූදානම්

3
0

සමඟි ජන බලවේගයේ තවත් මන්ත්‍රීවරුන් 17 දෙනකු ඉදිරි දිනවල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක් වීමට නියමිත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.හැරිසන් මහතා පැවැසීය.

කොළඹ දී ඊයේ(15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

සමඟි ජන බලවේගයේ උපසභාපති ධුරයෙන් සහ එම පක්ෂයේ අනුරාධපුර බටහිර ආසන සංවිධායක ධුරයෙන් තමා ඉවත් වන බව පී.හැරිසන් මහතා අනුරාධපුර පෙරේදා (14) පැවැති උත්සවයකින් අනතුරුව ප්‍රකාශ කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.හැරිසන් මහතා අදහස් දක්වමින් මෙසේද කීය…

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගේ බුද්ධි සේවයට අහු වුණේ නැතිවට දැන් මේ වෙන කොට සජබයෙ බාගෙකට කිට්ටු වෙන්න රනිල් වික්‍රමසිංහ මහතා එක්ක සාකච්ඡා කරලා ඉවරයි. දැනට දාහතක් විතර ස්ථිර වශයෙන් අයින් වෙන්න ලැහැස්තියි. මම පොඩි ඉඟියක් දෙන්නම්. වයඹ පළාතේ පුත්තලම සහ කුරුණෑගලින් තව දෙන්නෙක් එනවා . ඒ වගේම තව අය කොළඹ දිස්ත්‍රික්කයෙන් සහ මධ්‍යම පළාතේ සජබ මන්ත්‍රීවරු ජනාධිපතිවරයා සමඟ එක් වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here