මාධ්‍ය ප්‍රධානීන් හමුවේ විපක්ෂ නායක කියයි
රටේ ඇති විවිධ දේශපාලන පක්ෂවලට අනන්‍ය සහ අන්‍යෝන්‍ය චින්තන සහ න්‍යායන් පැවැතියත් මේ අවස්ථාවේ ජාතික වශයෙන් වැදගත් වන කාරණා රැසක් පවතින බැවින් විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ ගණනාවක් එකට එකතු වී කිසියම් සමාජ, ආර්ථික හා දේශපාලන සංවාදමය කතිකාවතක් ආරම්භ කර ඇති අවස්ථාවේ සැවොම එකට එකතු විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමාදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (3) මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා විපක්ෂයේ සර්වපාක්ෂික එකමුතුව හමුවූ අවස්ථාවේ අදහස් දක්වමිනි.රටේ ප්රජාතන්ත්රවාදයේ ප්‍රධාන බලකුලුනු ත්‍රිත්වය වන ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතරට එක්වන තවත් ප්‍රධාන කුලුනක් වන මාධ්‍යට රට මේ අවස්ථාවේ මුහුණදී ඇති දැවැන්ත අර්බුද රාශියක් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ වගකීමක් ඇති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
වත්මන් රජය මාධ්‍ය පාලනය සඳහා විකාශන අධිකාරී පනතක් ගෙන ඒමට සූදානම් වීම, රටේ ලක්ෂ 220ක් වූ ජනතාව තම අයිතීන් වෙනුවෙන් පාරට බහින විට ඔවුන් ත්රස්තවාදීන් ලෙස හඳුන්වන පනතක් ගෙන ඒම සහ මහ බැංකු පනත වැනි ජනතාවට අහිතකර බලපෑම් එල්ල කරන පනත් සම්බන්ධයෙන් මෙන්ම එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය වෙනුවට අල්ලස් ලබා ගැනීම වැනි දූෂිත ක්‍රියා සම්බන්ධයෙන් ද ජනතාව දැනුම්වත් කිරීමේ වගකීම මාධ්‍ය සතු බව විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කළේය.
ආණ්ඩුවේ මෙවැනි අගතිගාමී වැඩපිළිවෙළ වැළැක්වීම සඳහා විපක්ෂය සූදානම්ව සිටින අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ වගකීම ඇත්තේ සිව්වැනි ආණ්ඩුව ලෙස මාධ්‍ය සතුව බවත් මෙවැනි දූෂණ වංචා වළක්වා අපේ රට ලෝකයේ අංක 1ට ගෙන ඒමේ වැඩපිළිවෙළේදී මාධ්‍යට සුවිශේෂ වැඩ කොටසක් ඉටු කිරීමට පැවරී ඇති බවත් විපක්ෂ නායකවරයා එහිදී තවදුරටත් අවධාරණය කළේය.
රක්ෂණ ශ්‍රියන්ත





