පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්යම් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩු සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීදරන් මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා එම කාරක සභාවේ සේවය කිරීම සඳහා නම් කර ඇතැයි නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ඊයේ (25) පාර්ලිමේන්තුවේදී නිවේදනය කෙළේය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130(3) හි විධිවිධාන අනුව, 2023 අප්‍රේල් 04 දින තේරීම් කාරක සභාව මෙම පත්කිරීම සිදු කර ඇති බවද හෙතෙම පැවසීය.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ තලතා අතුකෝරල මහත්මිය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130(3) හි විධිවිධාන අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා පත්කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ පවිත්‍රාදේවි වන්නිආරච්චි, හරීන් ප්‍රනාන්දු, ජීවන් තොන්ඩමන් යන මහත්ම මහත්මීන් ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩු සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130(3) හි විධිවිධාන ප්‍රකාරව, කනක හේරත්, එස්. එම්. චන්ද්‍රසේන සහ එම්. රාමේෂ්වරන් යන මහත්වරුන් එම කාරක සභාව සඳහා පත්කර ඇති බවද නියෝජ්‍ය කථානායකවරයා නිවේදනය කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130(3) හි විධිවිධාන ප්‍රකාරව, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා පත්කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. උදයකුමාර් මහතා ආගමික කටයුතු හා සහජීවනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130(3) හි විධිවිධාන අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුකුමාර් මහතා එම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බව නියෝජ්‍ය කථානායකවරයා නිවේදනය කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් මහතා ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130(3) හි විධිවිධාන අනුව, එම්. රාමේෂ්වරන් මහතා එම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130(3) හි විධිවිධාන අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා නම් කොට ඇති බව ද නියෝජ්‍ය කථානායකවරයා නිවේදනය කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130(3) හි විධිවිධාන අනුව, (වෛද්‍ය) කාවින්ද හේෂාන් ජයවර්ධන මහතා එම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බව නියෝජ්‍ය කථානායකවරයා දන්වා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් මුසම්මිල් මහතා මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130(3) හි විධිවිධාන අනුව, වීරසුමන වීරසිංහ මහතා එම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130(3) හි විධිවිධාන ප්‍රකාරව, පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා එම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කොට තිබෙන බවද නියෝජ්‍ය කථානායකවරයා නිවේදනය කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විදුර වික්‍රමනායක, නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩු සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130(3) හි විධිවිධාන අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මිය නම්කොට ඇති බවද නියෝජ්‍ය කථානායකවරයා නිවේදනය කළේය.





