එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සභික අශෝක ධනවංශ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන බොරු බිල්ලන් මැවූ අය අද ප්‍රති ත්‍රස්ත පනත ගැන බොරු බියක් ඇති කරන බව එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික අශෝක ධනවංශ ද සිල්වා පැවැසීය.
ඒ මහතා මේ බව පැවැසුවේ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී ඊයේ (24) පැවති මාධ්‍ය හමුවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.
“මේ රටේ අද ප්‍රධාන ප්‍රශ්නය වෙන්නේ උසස් පෙළ දරුවන්ගේ උත්තර පත්‍ර බලන්න විශ්වවිද්‍යාල ආචාර්යවරුන් නොපැමිණීම. සෑහෙන කොන්දේසි ඉදිරිපත් කරමින් බදු ප්‍රශ්නය ඉදිරියේ තබමින් ඔවුන් උත්තර පත්‍ර ඇගැයීම්වලින් බැහැරව සිටිනවා. විශ්වවිද්‍යාලවල ඉන්න ස්වාධීන ආචාර්යවරුන් මේ උත්තර පත්‍ර බැලීමේ ගැටලුව විසඳමින් ඉදිරියට ඇවිත් දරුවන්ගේ උත්තර පත්‍ර බලන්න ඉදිරිපත් වීම හොඳ ප්‍රවේශයක්. ඒ නිසා අපි ඉල්ලන්නේ අනෙක් ආචාර්යවරුත් ඇවිත් මේ විදියට සම්බන්ධ වෙලා එම ඇගැයීම් කටයුතුවලට දායක වෙන්න කියලයි. අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවයක් කළ යුතුයි. දරුවන්ට වයස ගිහින් ඉගෙන ගන්න බෑ. ඒ වගේම ජීවිතය එක්ක බද්ධ වු සෞඛ්‍ය සහ ගමනාගමන පහසුකමත් අත්‍යවශ්‍ය කළ යුතු බව පෙනෙනවා. එයින් කිසිම කෙනකුගේ වෘත්තීය අයිතිවාසිකම් කඩවීමක් වෙන්නේ නෑ. ආචාර්යවරුන් කියනවා, තමන්ගේ රාජකාරි ලේඛනයේ උත්තර පත්‍ර බැලීම සටහන් වෙලා නෑ කියලා. එහෙම නම් ඇයි මෙතරම් කල් මෙවැනි දෙයක් සිදු කළේ. ඒ නිසා හෙට ඔබ හොඳ තීරණයක් අරන් නැවත උත්තර පත්‍ර බැලීමේ කාර්යයට දායක වෙයි කියලා ජනාධිපතිවරයා ඉවසීමෙන් බලා සිටිනවා. දේශපාලනයෙන් තොරව මව්පියන් පෙළ ගැසී සිටිනවා. ඔවුන්ටත් යම් සීමාවක් තිබෙනවා සේම අයිතියක් තිබෙනවා.
නාමල් කරුණාරත්න මහතා ගොවි ජනතාවගේ අයිතිය වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා, දැන් වල් නාශක, පොහොර සහ මුදල් ගොවියන්ට ලැබෙන නිසා ප්‍රති ත්‍රස්ත පනත ගැන කතා කරනවා. එයින් ගොවියන්ට කිසිම ගැටලුවක් වෙන්නේ නෑ. එහි අන්තර්ගතය කුමක් වුණත් ත්‍රස්තවාදියෙක් නම් පමණයි එය අදාළ වන්නේ. බොරුවට බිල්ලන් මවන්න හදනවා. IMF එකට බිල්ලෙක් මැව්වා. දැන් නැවත ප්‍රති ත්‍රස්ත පනත ගැන බිල්ලෙක් මවනවා.”
ශිරෝමි අබයසිංහ





