Home Local News Room : අධික උණුසුම නිසා ඉන්ධන ටැංකි පුපුරන කතාවට ඉන්දියන් ඔයිල්...

News Room : අධික උණුසුම නිසා ඉන්ධන ටැංකි පුපුරන කතාවට ඉන්දියන් ඔයිල් සමාගම උත්තර දෙයි

3
0

ශ්‍රී ලංකාවේ දැනට පවතින වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් වාහනවල ඉන්ධන ටැංකි උපරිම මට්ටමට පිරවීම සිදු නොකරන ලෙසත්, එසේ වුවහොත් පුපුරා යාමේ අවදානමක් පවතින බවත් IOC සමාගම ප්‍රකාශ කළ බවට පළවන වාර්තා අසත්‍ය බව එම සමාගම පවසනවා.

ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.

IOC සමගම විසින් එවැනි අනතුරු ඇඟවීමක් සිදු කර ඇති බවට ඉංග්‍රීසි භාෂාවෙන් සටහනක් එක් කරමින් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීමක් හුවමාරු වනවා.

ඒ අනුව සමාජයේ බොහෝ පිරිසක් අදාළ පුවත සම්බන්ධයෙන් බිය වී සිටි අතර ඔවුන් එය සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගන්නා ආකාරයක් ද දක්නට ලැබුණා.

IOC සමාගම නිවේදනයක් නිකුත් කරමින් එය අසත්‍ය පුවතක් බවට සඳහන් කළේ එවන් පසුබිමකයි.

අදාළ නිවේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here