Home Politics News Room : උසස් පෙළ පිළිතුරු පත්‍ර නොබැලීම දරුවන්ට කරන විශාල අසාධාරණයක්

News Room : උසස් පෙළ පිළිතුරු පත්‍ර නොබැලීම දරුවන්ට කරන විශාල අසාධාරණයක්

3
0

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන

උසස් පෙළ සිසුන්ගේ උත්තර පත්‍ර නොබැලීම මේ යුගයේ සිදු කරන විශාලතම අසාධාරණය බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කරයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී ඊයේ (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.

“මීට කලකට පෙර ගුරුවරුන් සැලකුවේ දෙවිවරු ලෙසයි. නමුත් අද වන විට එවැනි තත්ත්වයක් තිබෙන්නේ දැයි සලකා බැලිය යුතුයි. උසස් පෙළ ශිෂ්‍යයන්ගේ උත්තර පත්‍ර නොබැලීම මේ යුගයේ කරන ලොකුම අසාධාරණයක්. එදා තිබූ තත්ත්වය අද වෙනස් වෙලා. අපේ දරුවන් බොහොම අමාරුවෙන් ඉගෙන ගන්නේ. මවුපියන්ගේ අනාගත බලාපොරොත්තුව තම දරුවන්. දහසක් බලාපොරොත්තු හිතේ තියාගෙන තමයි මවුපියන් දරුවන්ට උගන්වන්නේ. උසස් පෙළ කියන්නේ කඩඉම් විභාගයක්. ඔය උත්තර පත්‍ර බලන ආචාර්ය මහාචාර්යවරුන් එදා ඔවුන් ලියූ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එනතුරු කොච්චර බලාගෙන හිටියද කියන එක අද අමතක වෙලා. මනුෂ්‍යත්වය ළඟ තියෙන අයට ඔය විදිහට කටයුතු කරන්න බෑ. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා, දරුවන්ට අසාධාරණයක් නොකර උත්තර පත්‍ර බලා ඔවුන්ගේ සිහින සැබෑ කරන්න කියලා.”

මහින්ද අලුත්ගෙදර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here