මෙරට කිරිපිටි අපනයනය කරන ප්‍රධාන සමාගම් ඉදිරියේ දී කිරිපිටි මිල ගණන් තවදුරටත් පහත හෙළීමට එකඟත්වය පළ කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සඳහන් කරයි.
ඒ, එම සමාගම්වල නියෝජිතයින් සමඟ ඊයේ(18) පැවති සාකච්ඡාවේ දී මෙම එකඟත්වය පළ කර ඇත.
සිය මුහුණු පොතේ සටහනක් තබමින්, ඉදිරියේ දී ඒ සම්බන්ධයෙන් වාර්තාවක් වෙළෙඳ අමාත්‍යාංශය වෙත ලැබීමට ද නියමිතව ඇති බව වෙළෙඳ අමාත්‍යවරයා සඳහන් කරයි.






