ජාතික ජන බලවේගයට බලය මාරු වීම යනු බොහෝ පිරිසකගේ අනාගත බල සිතියම අවුල් වීමක් බව එහි නායක, පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා දකුණු කොරියාවේදී සඳහන් කර ඇත.
එහිදී මන්ත්රීවරයා වැඩිදුරටත් මෙලෙස ද අදහස් දක්වා තිබේ.
“ජාතික ජන බලවේගය අතට බලය ඒම වැළැක්වීමට දූෂිත දේශපාලන, ව්යාපාරික සහ නිලධාරී කණ්ඩායම් කටයුතු කරමින් සිටිනවා. මම දකුණු කොරියාවට පැමිණියේ ජනතා සිහින ඉටුකරන පාලනයක් ඇති කිරීමට ජාතික ජන බලවේගය ශක්තිමත් කිරීම සඳහා දකුණු කොරියාවේ සිටින ශ්රී ලාංකිකයන්ට එකතු වන ලෙස ඉල්ලා සිටීමටයි.
චංචාව, දූෂණය සහ අවනීතියෙන් තොර පාලනයක් ඇති කළ යුතුයි. ඒ සඳහා පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුයි. ඒ සඳහා ජාතික ජන බලවේගය ක්රියා කරනවා.”
උපාලි කරුණාරත්න





