Home Politics News Room : ලබන 20 වැනිදා පක්ෂ නායක රැස්වීමක්

News Room : ලබන 20 වැනිදා පක්ෂ නායක රැස්වීමක්

4
0

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් එළඹෙන 20 වැනිදා  පැවැත්වීමට නියමිතව තිබේ. 

 

20 වැනිදා  පෙරවරු 11ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙනු ඇත. 

 

අලුත් අවුරුද්දෙන් අනතුරුව පැවැත්වෙන පළමු නායක රැස්වීම මෙය වන අතර මෙම රැස්වීමට සහභාගී වන සියලු පක්ෂ නායකයන්ට දැනුම් දී තිබේ. 

 

මේ අතර අලුත් අවුරුද්දෙන් පසු පළමු පාර්ලිමේන්තු සැසිවාරය එළඹෙන 25 වැනිදා පැවැත්වේ.

 

ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එදිනට සැලසුම් කර තිබේ. 

 

මේ අනුව අදාළ පනත මේ වන විට පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. 

 

20 වැනිදා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

 

කෙසේ වෙතත් මෙම පනත පසුගිය 04 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත තිබුණද පාර්ශව රැසකින් එල්ල වූ විරෝධය හමුවේ එය ඉදිරිපත් කළේ නැත. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here