Home Politics News Room : අධ්‍යාපනය යාවත්කාලීන කිරීමේ වැඩපිළිවෙළක් සජබට තිබෙනවා

News Room : අධ්‍යාපනය යාවත්කාලීන කිරීමේ වැඩපිළිවෙළක් සජබට තිබෙනවා

4
0

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

රටේ අධ්‍යාපනය යාවත්කාලීන කිරීමටත්, නූතනවාදී තත්ත්වයට ගැළපෙන ලෙස උසස් කිරීමටත් සමඟි ජන බලවේගය සතුව වැඩපිළිවෙළක් ඇති බවත්, එය ලෝකයේ නවීනතම සහ උසස්ම අධ්‍යාපන ක්‍රමවේද හා සංසන්දනය කළ හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ හොරොව්පතාන වීරසොලේ මුස්ලිම් මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමර උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී හෙතෙම මෙසේද කීය.

Òරටේ අධ්‍යාපනය නූතනයට ගැළපෙන පරිදි නූතනවාදී නොවීමේ ඛේදවාචකය රටක් ලෙස අද අත්විඳිනවා. එය එක් අතකින් අධ්‍යාපන මර උගුලක් බවට පත්ව තිබෙනවා. මේ රටේ 10,000කට වැඩි පාසල් සියල්ල සුහුරු පාසල් බවට පත් කිරීම මගේ ඒකායන අරමුණයි. ඒ වෙනුවෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නවා.

 

රක්ෂණ ශ්‍රියන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here