Home Politics News Room : සජබයෙන් කණ්ඩායමක් යන කතාව මම දන්නේ නෑ

News Room : සජබයෙන් කණ්ඩායමක් යන කතාව මම දන්නේ නෑ

2
0

මන්ත්‍රී මුජිබර් රහුමාන්

සමඟි ජන බලවේගයේ දේශපාලන මතය ආරක්ෂා කිරීම එහි සියලු දෙනාගේම වගකීම බවත්, ඊට පටහැනිව යම් කෙනකු ක්‍රියා මාර්ග ගන්නේ නම් ඔහුට එරෙහිව කටයුතු කළ යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

“සමඟි ජන බලවේගයේ කණ්ඩායමක් යන එක ගැන මම දන්නේ නැහැ. එහෙම එකක් පේන්නත් නැහැ. ඒ වගේම සජබයේ කවුරුවත් ආණ්ඩුවට මේ වෙලාවේ ගිහිල්ලා වැඩක් තියේවි කියලා හිතන්න බැහැ. රටේ දේශපාලන ස්වරූපය දිහා බැලුවම අද රාජපක්ෂලා විසින් සිදු කරනු ලැබූ ආර්ථික විනාශයයි තවමත් තියෙන්නේ. මේ වික්‍රමසිංහ, රාජපක්ෂ ආණ්ඩුවත් එක්ක එකතු වෙන්න සමඟි ජන බලවේගයේ කවුරුවත් ඉන්නවා කියලා මම හිතන්නේ නැහැ. “

රක්ෂණ ශ්‍රියන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here