ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත අප්‍රේල් මස අග හෝ මැයි මස මුල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ, නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත පිළිබදව සිවිල් සංවිධාන හා ප්‍රවාහන වෘත්තීය සමිති නියෝජිතයින් සමග අද පෙරවරුවේ (අප්‍රේල් 6) අධිකරණ අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවකදී ය.
නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දමනු ලැබුවේ, පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු ඊට විරුද්ධ පාර්ශවවලට ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට ඇති අවස්ථාව පහසු කිරීමට හා විපක්ෂය නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ, නීතිඥ සංගමයේ මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ ඉල්ලීම සලකා සැලකීමෙන් අනතුරුව බව අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.
ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත අප්‍රේල් මස අග සතිය තුළ හෝ මැයි මස මුල සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන බව ත්, පනත් කෙටුම්පත සම්බන්ධ විරුද්ධ අයට අධිකරණයට යා හැකි අතර, ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙනු ලබන තීන්දුව අනුව පනත් කෙටුම්පත සම්මත කිරීමට කටයුතු කරන බව ත් ඔහු ප්‍රකාශ කර තිබේ.
අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, මෙම පනත 2015 වසරේදී කෙටුම්පත් කිරීම ආරම්භ කරනු ලැබු බව ත්, නව කෙටුම්පත තුළින් ජනාධිපතිවරයා හෝ රජය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව ත් ය.
තව ද අදාළ පනත් කෙටුම්පත ජාත්‍යන්තර පනත් පිළිබදව අධ්‍යනය කර රටේ ජනතාවගේ ජන ජීවිතය හා දේපළ සුරක්ෂිත කිරීමට ත්, දැනට පවතින පනතතෙහි ඇති අවභාවිත වීම් ඉවත් කරමින් රැදවුම් නියෝග නිකුත් කිරීමට ජනාධිපතිවරයාට ඇති බලය, නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත ලබා දීම සිදු කර ඇති බව ත්, අමාත්‍යවරයා සඳහන් කර ඇත.
දැනට පවතින පනතෙහි රැදවුම් නියෝග නිකුත් කිරීම සඳහා බලය ජනාධිපතිවරයාට පවතින අතර, එම බලය ජනාධිපතිවරයාගෙන් ඉවත් කරමින් නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත ලබා දී ඇති බව ඔහු ප්‍රකාශ කර තිබේ.






