Home Politics News Room : කෘෂි ක්ෂේත්‍ර නිලධාරින්ට දිගු කලකට රට යන්න බෑ

News Room : කෘෂි ක්ෂේත්‍ර නිලධාරින්ට දිගු කලකට රට යන්න බෑ

6
0

ඇමැති අමරවීරගෙන් තීරණයක්

කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළුව සියලුම පළාත් කෘෂිකර්ම ආයතනවල සේවය කරන කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ නිලධාරින්ට දීර්ඝ කාලීන විදේශගතවීම් සඳහා තම අනුමැතිය ලබා නොදීමට කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා තීරණය කර ඇත.

කෘෂිකර්ම අංශයේ නිලධාරීන් දීර්ඝ කාලයකට විදේශගත වුවහොත් රටේ කෘෂිකාර්මික අංශය මුළුමනින්ම කඩාවැටීමේ අවදානමක් පවතින බැවින් ඇමැතිවරයා මෙම පියවර ගෙන තිබේ. පෙරේදා (06) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති පළාත් කෘෂිකර්ම සමුළුවේදී ඇමැතිවරයා මෙම තීරණය දැනුම් දුන්නේය.

කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ නිලධාරීන් විදේශගතවීම සම්බන්ධව දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර, දීර්ඝ කාලීන විදේශගතවීම් සඳහා කෘෂිකර්ම ඇමැතිවරයාගේ අනුමැතිය ලබා නොදෙන ලෙස පළාත් කෘෂිකර්ම බලධාරීන් ඇමැතිවරයාට යෝජනා කර තිබේ. විශේෂයෙන් කෘෂිකර්ම අංශයේ සේවය කරන කෘෂිකර්ම උපදේශක වැනි තනතුරු රැසක මේ වන විට විශාල වශයෙන් පුරප්පාඩු පවතී. වසර ගණනකින් එම පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා බඳවා ගැනීම් සිදු කර නොමැත. කෘෂිකර්ම අංශයේ නිලධාරීන් මෙසේ දීර්ඝ කාලයකට විදේශගත වුවහොත් අප රටේ කෘෂිකාර්මික අංශය මුළුමනින්ම කඩාවැටීමේ අවදානමක් තිබේ. එම නිසා මෙම කරුණු අවධානයට ගනිමින් මින් ඉදිරියට දීර්ඝ විදේශගතවීම් සඳහා කෘෂි අංශයේ නිලධාරින්ට තම අනුමැතිය ලබා නොදෙන බව කෘෂිකර්ම ඇමැතිවරයා අවධාරණය කළේය.

බුද්ධිකා ඉඹුලාන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here