මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන
වත්මන් රජයේ ප්‍රතිපත්ති හේතුවෙන් විදේශ රටවල් හා බැංකුවල සහාය ලබා ගැනීමේ අවස්ථා උදා වී තිබෙන බව කොළඹ සංවර්ධන කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා පැවසීය.
මහ කන්නයේ රජයේ වී මිලදී ගැනීම් සහ වී බැහැර කිරීම් වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභින්ට නොමිලේ සහල් බෙදා හැරීම කොළඹ පංචිකාවත්ත ප්‍රදේශයේ සිදු කළ අවස්ථාවේදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද කීය.
Òදකුණු පළාතේ ගොවි ජනතාව සමඟ මේ සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඒ දිස්ත්‍රික්කයේ අතිරික්තය කොළඹ දිස්ත්‍රික්කයට එවීම සඳහා එකඟවීමත් සමඟ එය සම්බන්ධීකරණය කොට අගමැතිවරයාගේ හා ජනාධිපතිවරයාගේ තීරණය පරිදි අඩු ආදායම්ලාභී ආහාර දුෂ්කරතාවයන්ට මුහුණ දෙන හැම පවුලකටම සහල් ප්‍රමාණයක් ලබාදීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමට හැකි වීම සැබැවින්ම ජයග්‍රහණයක්. කෙසේ හෝ අප රටේ තිබුණු මූලික ගැටලු විසඳාගෙන රටවැසියාට හොඳ හෙට දවසක් ගොඩනැඟීම සඳහා කැප වී කටයුතු කිරීමට ආණ්ඩුවේ අප ක්‍රියා කරම්න් සිටිනවා. අපට දිය හැකි සෑම සහයෝගයක්ම වැඩිහිටියන්, තරුණයන් හා බාලයන්ට ලබා දීමට ක්‍රියා කරනවා.
වත්මන් රජයේ ප්‍රතිපත්ති හේතුවෙන් විදේශ රටවල් හා බැංකු සමඟ ගනුදෙනු කිරීමේ පුළුල් අවස්ථාව දැන් උදා වී තිබේනවා. ගනුදෙනු නවතා තිබුණු සෑම බැංකුවක්ම මේ වන විටත් අපට සහාය පළ කර තිබෙනවා. හැම බැංකුවක්ම ඉකුත් සතියේ සිට මෙරට බැංකු සමඟ ක්‍රියා කරන තීරණය අපේ රට ගොඩ ගැනීමේ ක්‍රියාදාමයේ පළමු ජයග්‍රහණයයි. ඉදිරියේදී භාණ්ඩ ආනයනයට තිබෙන නීති ලිහිල් කොට තවත් ජීවන වියදම සැහැල්ලු කිරීමට දරන උත්සාහය සාර්ථක කරන්නට අප කැපවී වැඩ කරමු. අඩු ආදායම්ලාභීන් පිළිබඳව මේ කරගෙන යන තොරතුරු එකතු කිරීමේ වැඩපිළිවෙළ හමාර වූ වහාම එම දීමනාව වැඩි කිරීම සඳහා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.
නුවන් කොඩිකාර





