Home Politics News Room : මැනිං වෙළෙඳ පොළේ වෙළෙඳුන්ගෙන් අය කරන බදු මුදල් ආණ්ඩුව...

News Room : මැනිං වෙළෙඳ පොළේ වෙළෙඳුන්ගෙන් අය කරන බදු මුදල් ආණ්ඩුව වැඩි කර තිබෙනවා -මන්ත්‍රී විජිත හේරත්

1
0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව කටයුතු කරන ආණ්ඩුව මැනිං වෙළෙඳපොළේ වෙළෙඳුන්ගෙන් අය කරන බදු මුදල පවා වැඩි කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී ඊයේ (04) පැවැති විවාදයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා මෙසේ ද පැවසීය.

මෙම වෙළෙඳුන්ගෙන් අය කරන බදු මුදල සියයට අටසියයකින් පමණ වැඩි කර තිබෙනවා. පරම්පරාවෙන් පරම්පරාවට තිබූ අයිතිය පවා එම කඩ හිමියන්ට අහිමි කර තිබෙනවා.

ආණ්ඩුව මොන දේවල් කිව්වත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආනයන සීමා ඉවත් කරන ලෙස ප්‍රකාශ කර තිබෙනවා.

ආණ්ඩුව මොන ප්‍රතිපත්තිය දැරුවත් ජූනි මාසය වන විට ආනයන සීමා ඉවත් කරන්නට සිදු වෙනවා. මෙම ගිවිසුමට යටත් වුණාම අපට ස්වාධීන වූ ක්‍රමවේදයක ඉන්නට බැහැ. ආදායම් වැඩි කර ගන්නට කියන කොන්දේසිය ඒ අනුවයි ඉදිරිපත්ව තිබෙන්නේ. ඒ නිසා අධ්‍යාපන ආයතනවලින් පවා මුදල් අය කරන්නට ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ. අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහන ආදිය සම්බන්ධයෙන්ද මෙය පොදු වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වියදම් කප්පාදු කිරීම් සම්බන්ධයෙන් පසුගිය දිනවල දැනුවත් කිරීමක් පවා සිදු වුණා. ඒ අනුව සුබසාධන පහසුකම් පවා යම් ආකාරයකට අඩු කරමින් තිබෙනවා. මැනිං වෙළෙඳ පොළේ අයගෙන් පවා බදු අය කරන්නට පටන් අරන් තිබෙනවා. මැනිං මාර්කට් එකේ වෙ‌ළෙඳුන්ට අවශ්‍ය මූලික පහසුකම් ටිකවත් නැහැ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here