Home Politics News Room : IMF ණය ලැබීම විපක්ෂයක් විදිහට අපට සතුටුයි

News Room : IMF ණය ලැබීම විපක්ෂයක් විදිහට අපට සතුටුයි

3
0

කීන්ස් නෙල්සන්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට සහන ලැබීම ගැන විපක්ෂයක් ලෙස තමන් සතුටු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කීන්ස් නෙල්සන් මහතා පවසයි.

විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙම අදහස් දැක්වීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

‘විශේෂයෙන්ම IMF සහන ණය ලැබීම ගැන විපක්ෂයක් විදිහට අපි සතුටු වෙනවා, කුහක විදිහට බලන්නේ නැහැ. හැබැයි අපි බලන්න ඕනෑ IMF සහනයත් එක්ක අපේ රට කොහොමද ඉස්සරහට යන්නේ කියලා. මේකෙ වැදගත්ම දේ ඒ අය කියනවා දූෂණය පිටුදැකීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ නීති පද්ධතියක් සකස් කර පාර්ලිමේන්තුවේ පනතක් විදිහට ගේනවා කියලා. ඇත්තටම එය හොඳ දෙයක්. හැබැයි මේ පනත් හරහා නීති ගෙනාවම පාර්ලිමේන්තුවේ සම්මත වූ දවසේ ඉඳන් ඉස්සරහට තමයි වැරදි කළොත් නීතියෙන් දඬුවම් ලැබෙන්නේ.

හැබැයි අද අපේ රට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න පසුබිම නිර්මාණය වුණේ ඇයි? ඒ වගේම අපේ රට බංකොලොත් වුණේ ඇයි කියලා හොයන්න වෙනවා. පමණක් අය කියනවා 74ක සාපයක් කියලා. සමඟි ජන බලවේගය එය අනුමත කරන්නේ නැහැ. හැබැයි මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණාට පස්සේ රටට ඇති වෙච්ච විනාශය ගැන සොයා බැලිය යුතුයි. රට මෙතනට ඇදලා දැම්මේ කවුද කියන එකට නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

රක්ෂණ ශ්‍රියන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here