Home Politics News Room : මෙරට සියලු තොරතුරු ජංගම දුරකතන යෙදවුමකින් විදේශීය සංචාරකයන් අතට

News Room : මෙරට සියලු තොරතුරු ජංගම දුරකතන යෙදවුමකින් විදේශීය සංචාරකයන් අතට

4
0

ඇමැති හරීන් ප්‍රනාන්දු

මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ට නව සංචාරක කේන්ද්‍රස්ථාන, සහනදායි ගාස්තු, ප්‍රවාහන පහසුකම් සහ හෝටල් පහසුකම් ඇතුළු සම්පූර්ණ තොරතුරු ලබාගත හැකි ජංගම දුරකතන යෙදවුමක් ළඟදීම එළිදක්වන බව සංචාරක හා ඉඩම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය. ඇමැතිවරයා මේ බව පැවැසුවේ පසුගියදා (22) පාර්ලිමේන්තුවේදී පැවති සංචාරක හා ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය. එමෙන්ම සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට මේ වන විට ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති පිළිබඳව ද කාරක සභාවේදී සාකච්ඡාවට ලක් විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“මෙරට හඳුනාගෙන ඇති සංචාරක කලාප 16ක් සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඒ ඔස්සේ සංචාරක කලාපවලට අදාළ නිශ්චිත කරුණු කෙරෙහි අවධානය යොමු කළ හැකියි.”

ස්වර්ණා විජේකෝන් සහ නුවන් කොඩිකාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here