Home Local News Room : “මැති සබයටත් සති 2කින් බිත්තර ගෙනත් නෑ”

News Room : “මැති සබයටත් සති 2කින් බිත්තර ගෙනත් නෑ”

1
0

“බිත්තර හිඟය පාර්ලිමේන්තුවටත් තියෙනවා. සති දෙකකින් බිත්තර ගෙනත් නැහැ,” යැයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී ඊයේ (මාර්තු 23) පැවසීය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර විසින් බිත්තර සම්බන්ධව යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වෙළෙඳ අමාත්‍යවරයා මේ බව පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර:

“දියර බිත්තර ගෙන්වීමට යනවා. දියර බිත්තරවලින් බිත්තර ආප්පයක්වත් දාන්නේ කොහොම ද? කිකිළියක් බිත්තරයක් දැම්මම එහි ගුණාත්මකභාවයක් තියෙනවා කියන එක අපි දන්නවා. හැබැයි එළියෙ කට්ට හින්දා කුරුලු උණ වගේ දේවල් පැතිරෙන නිසා දැන් දියර බිත්තර ගේන්න යනවා කියලා කියනවා. මෙහෙම දියර බිත්තර ගෙනාවොත් ඒවා පැක් කරලා ගෙන ආවහම වෙනම සංඝටක පවා ඇතුළු කරන්න පුළුවන්.”

අමාත්‍ය නලින් ප්‍රනාන්දු:

“වෙළෙඳ ඇමැති හැටියට පසුගිය මාස හය හත තුළ බිත්තර ප්‍රශ්නයක් තිබුණු බව අපි දැන ගත්තා. මේ ගැන සාකච්ඡා කළා. විශේෂයෙන් ම කෘෂිකර්ම ඇමති සහ ඒ ඒ ආයතන සමග එක්ව සාකච්ඡා කරමින් ඊට සහය ලබා ගත්තා. රටේ 40%ක බිත්තර හිඟයක් තිබෙන බව අපි දැනගත්තා. ඒ අතර විශාල පරිශ්‍රමයක් දැරුවා මම බිත්තරවලට පාලන මිලක් දාගන්න. ඒ වගේ ම කටු සහිත බිත්තර ආනයනය කළා. මෙහි පළමු තොගය අද කොළඹ වරායට ආවා. ළඟදී ම ජනතාවට බිත්තර ලබා දෙන්න පුළුවන්. මේ වෙලාවේ දියර බිත්තර ගැන කතා කරනවා. හැබැයි ලෝකෙ ඉහළ ම සමාගම් Srilankan Airlinesවල පවා කෑම හදන්න දියර බිත්තර එක පාවිච්චි කරනවා. මේ රටටත් ආනයනය කරන්න අවස්ථාවක් ගැන අපි කතා කළා. ඊට අවසර ගන්නවා. හැබැයි මේ පාර්ලිමේන්තුවෙත් බිත්තර නැහැ. දැන් සති දෙකක් තිස්සේ බිත්තර ගෙනත් නැහැ.

  • අනුරාධා හේරත්, ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here