Home Local News Room : මානව හිමිකම් කඩවීමේ චෝදනා මැද ජාත්‍යන්තර ක්ෂමා ආයතනයේ ලොක්කෙක්...

News Room : මානව හිමිකම් කඩවීමේ චෝදනා මැද ජාත්‍යන්තර ක්ෂමා ආයතනයේ ලොක්කෙක් ලංකාවට!

3
0

ජාත්‍යාන්තර ක්ෂමා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ, ඩෙප්‍රොස් මුචීනා මහතා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඒ ජාත්‍යාන්තර ක්ෂමා සංවිධානයේ වාර්ෂික වාර්තාව එළිදැක්වීම සඳහායි.

ජාත්‍යාන්තර ක්ෂමා සංවිධානයේ ජාත්‍යාන්තර වාර්තාව කලාපීයව එළිදැක්වීමේ උත්සවය හෙට (28) දිනයේ කොළඹ දී පැවැත්වීමට නියමිතයි.

ජාත්‍යාන්තර ක්ෂමා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ, ඩෙප්ප්‍රොස් මුචීනා මහතා එහි ප්‍රධාන දේශනය සිදු කිරීමට නියමිතයි.

ආර්ථික අර්බුදය සහ රට තුළ පවත්නා මානව හිමිකම් තත්ත්වය හමුවේ,  මිලියන 22ක් වූ ශ්‍රී ලාංකිකයින්ගේ අයිතීන් ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව මෙම දේශනයේදී ජාත්‍යාන්තර ක්ෂමා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයා අවධානය යොමු කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here