Home Local News Room : තෙල් සංස්ථා සේවකයන් සංස්ථාව ඉදිරිපිට සත්‍යග්‍රහයක! සරසවි ඇදුරන් උසස්...

News Room : තෙල් සංස්ථා සේවකයන් සංස්ථාව ඉදිරිපිට සත්‍යග්‍රහයක! සරසවි ඇදුරන් උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධයක!

3
0

උපයනවිට බද්දට ඉවත්කරන ලෙස බලකිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරනිමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය කොළඹ උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී අද (27) උද්ඝෝෂණයක් පැවැත්වීය.

‘උද්ධමනය අහස උසට වෘත්තිකයන් මහ පාරට’ සහ ‘රුහුණේ අත්තනෝමතික පාලනයට එරෙහි චෝදනා විමර්ශනය ස්වාධීන පරීක්‍ෂණ කමිටුවකට ඉඩ දෙනු’ ආදි විරෝධතා පාඨ ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරු විරෝධතාවයේ නිතර වූහ.

මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථථාව ආණ්ඩුවේ හිතවතුන්ට විකිණීමට සූදානම් වන්නේ යැයි විරෝධය දක්වමින් ඛනිජ තෙල් වෘත්තිය සමිති කොළොන්නාව තෙල් පර්යන්ථයේ දොරටුව අභියස සත්‍යග්‍රහයක් අද (27) පෙරවරුවේ ආරම්භ කළේය.

ලාභ ලබන ඛනිජ තෙල් නීතිගත සංස්ථථාව විකිණිමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවත් ආණ්ඩුවේ මෙම ක්‍රියාවලියට විරෝධය දක්වන බවත් වෘත්තිය සමිති නියෝජිතයෝ පැවසූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here