Home Local News Room : පාස්කු ප්‍රහාරයේ ජනාධිපති කොමිසමේ නිර්දේශ වහා ක්‍රියාත්මක කරන්න! කාදිනල්...

News Room : පාස්කු ප්‍රහාරයේ ජනාධිපති කොමිසමේ නිර්දේශ වහා ක්‍රියාත්මක කරන්න! කාදිනල් හිමිගේ පෙස්සම සලකා බලන්න අභියාචනාධිකරණය තීන්දු කරයි!

2
0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම විසින් නිකුත් කර තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කරන මෙන් නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ගොනුකළ රිට් පෙත්සම මැයි මස 09 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද නියම කළා.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නා.

මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී ඊට අදාළ ලේඛන ගොනුකරන ලෙස අධිකරණය විසින් පාර්ශවකරුවන්ට නියම කළා.

ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන සහ පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මැයි මස 09 වන දා කැඳවන ලෙසටයි නියෝග කළේ.

පෙත්සම්කාර කාදිනල් හිමිපාණන් කියා සිටින්නේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වාලීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පිරිසකට එරෙහිව පියවර ගන්නා ලෙස ඒ පිළිබඳව සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් නිර්දේශ නිකුත් කර ඇති බවයි.

එම නිර්දේශ ක්‍රියාත්මක කර නොමැති බව පෙන්වා දෙන කාදිනල් හිමිපාණන් ඒවා ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here