Home Local News Room : විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරන්න යයි – Lanka...

News Room : විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරන්න යයි – Lanka Truth | සිංහල

3
0

රජයේ බදු ප්‍රතිපත්තිය ලිහිල් කරන්නැයි ඉල්ලමින් පසුගිය මාර්තු (09) සිට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇරඹූ වෘත්තිය ක්‍රියාමාර්ගයට මේ වන තුරුත් සාධනීය පිළිතුරක් නොලැබීම හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී තම වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය බී.එච්.එස්.කේ. බන්නැහැක මාධ්‍යට ප්‍රකාශ කර තිබේ.

තම ගැටලු පිළිබඳව සාකච්ඡාවක් කිරීමට හෝ අවස්ථාවක් ලබාදීමට ආණ්ඩු පාර්ශ්වයෙන් කටයුතු නොකළද වෘත්තීය ක්‍රියාමාර්ගය සමඟම විශ්වවිද්‍යාල දරුවන්ගේ අභ්‍යන්තර විභාග කටයුතු පැවැත්වීම සඳහා ආචාර්යවරුන් ලෙස තම සංගමයේ සාමාජිකයන් සම්බන්ධ වී නම්‍යශීලීව කටයුතු කලද ආන්ඩු පාර්ශවයෙන් එවැන්නක් දක්නට නොමැති බවට හෙතෙම චෝදනා කළේ ය. මේ හේතුවෙන් උසස් පෙළ සිසුන්ගේ පිළිතුරු පත් ඇගයීමේ රාජකාරි සඳහා තම සංගමය සම්බන්ධ නොවීමට ගත් තීරණය තවදුරටත් ක්‍රියාත්මක බව ද ඔහු අවධාරණය කළේ ය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ විධායක සභාව ඉකුත් දා (මාර්තු 25) රැස්වූ අවස්ථාවේදී මේ සියලු කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු වූ බවත් ආණ්ඩු පාර්ශවයෙන් යහපත් ප්‍රතිචාරයක් නොමැති නිසා තම වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් අනුගමනය කිරීමට එහිදී තීරණය කළ බවත් හෙතෙම පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here